දවසක් මං ගෙදර යද්දි ලොකු නංගියි චූටි නංගියි බර වලියක. ලොකු නංගී චූටි නංගි සතු කිසි යම් අනර්ග වස්තුවක් බලෙන් අත් පත් කරගෙන....
අම්මව මැද තියාගෙන දෙන්නා නඩුව කියනවා... චූටි නංගි කියන කියන එකට ලොකු නංගි අනිත් අතට නිදහසට කාරණාවක් කියනවා...
අන්තිමේ චූටි නංගිට මල පැන්නා. “ඔව් ඉතින් තමුසෙට පුළුවන් හැම එකටම හේතු කියන්න විතරනේ... හේතුවතී... හේතුවතී”, චූටි නංගි කිවුවා. එතකොට ලොක්කි කියනවා:
“ඔව් ඉතිං හැමදේටම හේතුවක් තියෙනවා තමයි. බුදුහාමුදුරුවොත් කිව්වෙ ඒකනේ. ඒ උනාට හේතුළුල ධර්මය දේශනා කලා කියලා තමුසේ බුදු හාමුදුරුවන්ට හේතුපාල කියනවද?”.
Showing posts with label පවුලේ කතා. Show all posts
Showing posts with label පවුලේ කතා. Show all posts
Sunday, February 6, 2011
තවත් පොත් කතාවක්

අපේ ලොකු නංගි ගැන මං කිවුවනේ ලාබෙට පොත් ගන්න හැටි ගැන කියද්දි...
එයා ප්‍රයිවෙට් පුස්තකාලයකුත් කරනවා... දැං ඒකෙ පොත් කවුන්ට් එක පනස් නමයයි... ලඟදි ඉඳන් මට නොකියා කියනවා හැට වෙනි (දියමන්ති ජුබිලි) පොත පරිත්‍යාග කිරීමේ ගෞරවය හිමි කර ගන්න කියලා... (අපි අහුවෙයි ඕවට...)
පහුගිය කාලෙ මට මේ වගේ කතා නිතරම අහන්න ලැබුණා....
නංගි: අයියෙ Chronicles of Narnia පොත හරි ලස්සනයිලු නේ...?'
මං: හ්ම්...!
(දින කිහිපයකට පසු)
නංගි: 'අයියෙ... **සවියෙ තියෙනවා Chronicles of Narnia.. මං ගියා... චුට්ටක් කියෙවුවා... (පොතේ තිබූ රසවත් කොටසක් මට විස්තර කරයි)'
මං: හ්ම්...!
(පැය කිහිපයකට පසු)
නංගි: 'කොච්චර ලස්සන උනත් මොනව කරන්නද? ඒ පොත එක්දාස් හයසීයක්... ශිහ්...'
මං: හ්ම්...!
(විනාඩි කිහිපයකට පසු)
නංගි: 'මටත් රස්සාවක් තිබ්බනං... ඉන්නකො... මං ලොකු වෙලා රස්සාවක් කරලා පොත් ගොඩාරියක් ගන්නවා'
මං: (සිතින්) ලොකු වෙලා තමයි.. මේකිට දැං පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස...
හැබැයි ඉතිං පිරිමි ජාතියෙ හැටි කියන්නෙ, තම එක කුස උපන් නංගි උනත් මායමක් දැම්මොත් අහු වෙනවා... මගෙත් ඉතිං හුර්දය වස්තුව උණු උනා... බැංකුවෙන් සල්ලිත් අරං මං ගියා පොත් ගන්න...
ඔන්න ඔහොමලු උනේ...
ප.ලි.:
හැබැයි මගේ වයර් මාරු වෙලා පොත තිබුණා කිවුව **සවි එකට නොගිහින් මං ගියේ **සේන එකට... ඒකෙ පොත තිබ්බෙ නෑ... ඒ වෙනුවට මං ගත්තා අලිසන්දෙර් දූමාගෙ (Alexander Dumas) 'ල කොම්තෙ දෙ මොන්ත ක්‍රිස්තෝ' (Le Comte de Monte-Cristo) හි ඉංග්‍රීසි පරිවර්තනය... The Count of Monte-Cristo.
අතුරු කථාව
පොත් ඇරෙන්න ලොකු නංගිට තවත් පිස්සුවක් තියෙනව... ඒ තමයි හින්දි සින්දු... එයාගෙ වැඩේම කොහෙන් හරි සින්දු තොගයක් උස්සන් ඇවිල්ල ඒව අහන එක...
හොඳ සින්දුවක් හිතට වැදුනම ඒක උදේ හිටන් රෑ වන තුරු, රෑ ගෙවිලා එලි වෙන තුරු, (අපේ) දෙසවන් කුණු වෙන තුරු කියන එක තමයි එයාගෙ වැඩේ... (නංගිට සාමාන්‍යයෙන් ලස්සනට සින්දු කියන්න පුලුවන්... ඒත් ඉතින් පංචසික ඇවිත් කිවුවත් දවස පුරා එකම සින්දුව ඇහෙනකොට දිව්‍ය ගීතිකා උනත් පිරිත් වෙනවනේ...)
හැබැයි මෙයාට පොතක් අහු උනොත් නං දවසක් විතර කට වහලා තියාගත්න පුලුවන්... මෙයාට මං පොත් ගෙනත් දෙන්න ඒකත් හේතු උනා...
මෙන්න මේක තමයි The Count of Monte-Cristo පොතේ මං ලියපු පිලිගැන්වුම:
'මගේ කර්‍ණ ප්‍රීතියත්
ලොකු නංගිගේ චිත්ත ප්‍රීතියත්
වෙනුවෙනි...
- සම්පත්'
ලොකු නංගිගේ චිත්ත ප්‍රීතියත්
වෙනුවෙනි...
- සම්පත්'
ප.ලි.:
මෙන්න ඒ ගැන ලොකු නංගි දාපු Facebook Status එක...
ලාබෙට පොත් ගැනීම

අපේ පවුලෙ ලමයි හතර දෙනයි...
වැඩිමලා මං (චික් විතරක්)...
ඊලඟට ලොකු නංගි... මට වඩා අවුරුද්දයි බාල... අපි දෙන්න ඉන්නෙ නිකං මචං ලෙවල් එකේ තමයි...
ඊලඟට මල්ලි... මට වඩා අවුරුදු හතහමාරක් බාලයි... ඊලඟ අවුරුද්දෙ A/L ලියනවා...
අන්තිමට චූටි නංගි... ගෙදර හුරතලා.... මට වඩා අවුරුදු නවයහමාරක් බාලයි... දැං O/L කරලා ගෙදර...
නංගිලා දෙන්න පොත් මරුවො... වැඩිපුරම ලොකු නංගි තමයි... එයාගෙ වැඩේ සල්ලි කීයක් හරි අතට හම්බඋනු ගමන් බුක්ෂොප් ගානෙ දුවන එක තමයි...
ඕං එක දවසක් අපේ නංගිලා ඩබල ගොහිං පොත් මිලදී ගන්න... ලොකු නංගි ඉතින් හෝ ගාල පොත් තෝරනවලු... චූටි නංගිත් පස්සෙන්.... එදා ගිහින් තියෙන්නෙ ඉංග්‍රීසි පොතක් ගන්න හිතං....
චූටි නංගිට හෙන ප්‍රස්නෙලු සමහර පොත් වල රුපියල් වලින් මිල දෙකක් ගහල තියෙන එක....
- Harry Potter and the Deathly Hallows Rs. 799.00 Rs. 1200.00
- Twilight Rs. 680.00 Rs. 1099.00
- Pride and Prejudice Rs. 550.00 Rs. 800.00
ඉතිං ලොකු නංගි පැහැදිලි කරල දුන්නලු මේ පොත් ගොඩක් එන්නෙ ඉන්දියාවෙංය, පොඩි රුපියල් ගාන ඉන්දියාවෙ ගානය, ලොකු රුපියල් ගාන ලංකාවෙ ගානය කියල...
කොහොම හරි අතේ තියෙන තුට්ටු දෙකෙන් ගන්න පුලුවන් හොඳම ලොකුම නවල් එක අරගෙන දෙන්නා එලියට එනකොට...
චූටි නංගි: ශිහ්! අපරාදෙ නේ සල්ලි....
ලොකු නංගි: ඇයි මොකෝ...?
චූටි නංගි: නෑ ඉතිං ඉන්දියාවෙ ගිහිං කෙලින්ම පොත් ගත්තනං කීයක් ඉතුරුද මං අහන්නෙ...?
Subscribe to:
Posts (Atom)