
අපේ පවුලෙ ලමයි හතර දෙනයි...
වැඩිමලා මං (චික් විතරක්)...
ඊලඟට ලොකු නංගි... මට වඩා අවුරුද්දයි බාල... අපි දෙන්න ඉන්නෙ නිකං මචං ලෙවල් එකේ තමයි...
ඊලඟට මල්ලි... මට වඩා අවුරුදු හතහමාරක් බාලයි... ඊලඟ අවුරුද්දෙ A/L ලියනවා...
අන්තිමට චූටි නංගි... ගෙදර හුරතලා.... මට වඩා අවුරුදු නවයහමාරක් බාලයි... දැං O/L කරලා ගෙදර...
නංගිලා දෙන්න පොත් මරුවො... වැඩිපුරම ලොකු නංගි තමයි... එයාගෙ වැඩේ සල්ලි කීයක් හරි අතට හම්බඋනු ගමන් බුක්ෂොප් ගානෙ දුවන එක තමයි...
ඕං එක දවසක් අපේ නංගිලා ඩබල ගොහිං පොත් මිලදී ගන්න... ලොකු නංගි ඉතින් හෝ ගාල පොත් තෝරනවලු... චූටි නංගිත් පස්සෙන්.... එදා ගිහින් තියෙන්නෙ ඉංග්‍රීසි පොතක් ගන්න හිතං....
චූටි නංගිට හෙන ප්‍රස්නෙලු සමහර පොත් වල රුපියල් වලින් මිල දෙකක් ගහල තියෙන එක....
- Harry Potter and the Deathly Hallows Rs. 799.00 Rs. 1200.00
- Twilight Rs. 680.00 Rs. 1099.00
- Pride and Prejudice Rs. 550.00 Rs. 800.00
ඉතිං ලොකු නංගි පැහැදිලි කරල දුන්නලු මේ පොත් ගොඩක් එන්නෙ ඉන්දියාවෙංය, පොඩි රුපියල් ගාන ඉන්දියාවෙ ගානය, ලොකු රුපියල් ගාන ලංකාවෙ ගානය කියල...
කොහොම හරි අතේ තියෙන තුට්ටු දෙකෙන් ගන්න පුලුවන් හොඳම ලොකුම නවල් එක අරගෙන දෙන්නා එලියට එනකොට...
චූටි නංගි: ශිහ්! අපරාදෙ නේ සල්ලි....
ලොකු නංගි: ඇයි මොකෝ...?
චූටි නංගි: නෑ ඉතිං ඉන්දියාවෙ ගිහිං කෙලින්ම පොත් ගත්තනං කීයක් ඉතුරුද මං අහන්නෙ...?
No comments:
Post a Comment