ඔන්න අද ලියන්නෙ අපේ ඔෆිස් එකේ ඉන්න එළ කොල්ලෙක්ට වෙච්ච මාර සිද්දයක් ගැන... අපි මූට දසුන් කියමුකො (කියන්න ඕන නැහැනෙ බොරු නමක් කියල)
ඔන්න එක දවසක් අවාසනාවන්ත ලෙස දසුන්ගෙ බැචෙක්ගෙ සීය නැති වෙලා... බැචාගෙ නම රංග කියමුකො... කට්ටියම ආරංචිය ලැබුණු පරක්කුවට මළගෙදර ගියත් මූට මොකක් හරි වැඩක් තිබිලා යන්න බැරි වෙලා... කොහොමිං හරි මූ පස්සෙ තනියම යන්න පිටත් උනාලු!
මළගෙදර තිබිල තියෙන්නෙ ගම්පහ පැත්තෙ ඩොටක... ඔන්න දැං ඉතිං ගම්පහ පැත්තෙ කොල්ලො අවුල් යන්න එපා... මං කිවුවෙ ගෙදර තියෙන්නෙ ගම්පහිනුත් තව ඩොටේ කියල... නැතුව ගම්පහ කියන්නෙ ඩොට කියලා නෙවි...(ගම්පහ පැත්තට යන්න නං පොඩ්ඩක්ඉතර අමාරු තමයි)... ඔන්න ඉතිං දසුනා කලින් එහෙ ගියපු උන්ගෙන් මං සළකුණු අහගෙන ගියාලු!
ඔන්න ඉතිං පාර කියපු එකා කියපු විදියටම මං සළකුණු ඔක්කොම තියනවලු... හංදිය... කඩේ... වංගුව... අතුරු පාර... පංසල... ආහ් මේ තියෙන්නෙ දඩාර සුදු කොඩියක්! කොල්ලා සුදු කොඩිය දැක්ක ගමං ප්‍රීතියෙන් ඉපිළ ගොසින්, සරසල තියෙන පාර දිගේ මළ ගෙදරට ගොඩ උනාලු!
ගියාට දන්න කියන කෙනෙක් පේන්න නැති හංදා ගේට්ටුව ගාව හිටපු පොරකට කිට්ටු උනාලු...
දසුන්: අංකල් මේ අර... අර සීය කෙනෙක් නැති වෙච්ච මළගෙදර නේද?
පොර: ආ.... ඔව්වොව්වොව් පුතා එන්න එන්න... පුතාගෙ යාලුවෙක් නේ?
දසුන්: ඔව් අංකල්
දසුනුත් ඉතිං ඉස්සරහට ආපු ඇන්ටිට (රංගගෙ අම්මා වෙන්නැති... දසුන් හිතුව) ආචාර කරල, ගෙට ගොඩ වෙලා මෘත කලේබරය දිහා සෝචනීය විදියට තත්පර තිහක් ගැණල බලා ඉඳල, ආපහු හැරිල ගිහින් එලියෙ මඩුවෙ වාඩි උනාලු!
අර පොරත් හරිබරි ගැහිල වාඩි උනාලු දසුන් ගාවම...
දසුන්: හාට් ඇටෑක්ලු නේ අංකල්?
පොර: ඒකනෙ පුතා... මේ ඊයෙ උදේ හොඳට හිටපු මනුස්සය... දවල්ට කාල පපුව රිදෙනව කිවුවලු... හොස්පිටල් ගෙනියද්දි ඔක්කොම ඉවරයි
දසුන්: වයස කීයක් විතරද අංකල්?
පොර: හැත්ත දෙකක්නෙ
ඔය විදියට සෑහෙන වෙලා කතාව දාගෙන ඉඳල, රංගවත් බැචාල කවුරුවත් පේන්න නැති හංද දසුන් මෙහෙම ඇහුවලු:
දසුන්: අංකල් කැම්පස් එකේ කවුරුත් ආවෙ නැද්ද මට කලින්?
පොර: මොන කැම්පස් එකේද පුතා?
දසුන්: අපේ කැම්පස් එකේ අංකල්
පොර: ???
දසුන්: මෙහේ අර රංග යන කැම්පස් එකේ කට්ටිය අංකල්
පොර: පුතා මෙහේ පුතාග නම රංග නෙවෙයිනේ
හත්වලාමයි! මූ ගිහින් තියෙන්නෙ වැරදි මළගෙදරට!
දසුනා පත් වෙච්ච සෝචනීය තත්ත්වෙ දැකපු පොර ඌව ෂේප් කරන්න මෙහෙම කිවුවලු ඉතිං:
පොර: පුතා මේ දෙවැටට පොඩ්ඩක් එහායින් තව මළගෙදරක් තියෙනව... මං හිතන්නෙ එහෙ කැම්පස් යන ළමයෙක් ඉන්නව... පුතාට මං හිතන්නෙ ගෙදර වරදින්න ඇති...
දසුන්: සො.. සොරි අංකල්... එ.. එහෙනං මං යන්නං...
පොර: ආනේ පුතා ගණං ගන්නෙපා... ඕව ඔහොම තමයි... ආපු එකේ බිස්කට් එකක් කාල තේකක් බීල යන්න
හුටා !.... කමක් නෑ. බිස්කට් කාල තේ බොන්න නේන්නං මළගෙවල්වල යන්නෙ.
ReplyDeleteතත්පර තිහේ ආචාරය තමයි හොඳම කෑල්ල.
ReplyDeleteමළ හෙවල්වල යන්නේ මැරිච්ච එකා බලන්න නෙමේ නේ බොහෝ විට. ඉන්න එවුන් බලන්න නේ. ඒකනේ බැනර් ගහන්නේ.