දවසක් මං ගෙදර යද්දි ලොකු නංගියි චූටි නංගියි බර වලියක. ලොකු නංගී චූටි නංගි සතු කිසි යම් අනර්ග වස්තුවක් බලෙන් අත් පත් කරගෙන....
අම්මව මැද තියාගෙන දෙන්නා නඩුව කියනවා... චූටි නංගි කියන කියන එකට ලොකු නංගි අනිත් අතට නිදහසට කාරණාවක් කියනවා...
අන්තිමේ චූටි නංගිට මල පැන්නා. “ඔව් ඉතින් තමුසෙට පුළුවන් හැම එකටම හේතු කියන්න විතරනේ... හේතුවතී... හේතුවතී”, චූටි නංගි කිවුවා. එතකොට ලොක්කි කියනවා:
“ඔව් ඉතිං හැමදේටම හේතුවක් තියෙනවා තමයි. බුදුහාමුදුරුවොත් කිව්වෙ ඒකනේ. ඒ උනාට හේතුළුල ධර්මය දේශනා කලා කියලා තමුසේ බුදු හාමුදුරුවන්ට හේතුපාල කියනවද?”.
මල මඟුලයි. :D :D :D
ReplyDeleteනියම සිද්දියක්නෙ. :D :D :D
පට්ටයිනේ.... පුදුම නංගියෙක්.. උඹට හේතුහාමි කියල දැම්මද? මේ හේතුව බ්ලොග් එකේ ලිවුවට? :D
ReplyDelete..
ReplyDeleteසිට්ටා.. එළ එළ..!! ඔහොම යං....
@Madhawa
ReplyDeleteකොහෙදෝ බ්ලොග් එකක (මං හිතන්නෙ taboosubjects වෙන්න ඕන) කියලා තිබුණා බ්ලොග්කරුවෙකුට ලැබෙන පළමුවෙනි කමෙන්ටුව සදා මතකයේ තිබෙනව කියල...
(Madhawa ට ස්තුතියි කියල වෙනම කියන්න ඕන නැහැනෙ :)
@..ChAnDiKa..
දෙවෙනි කොමෙන්ටුවත් ඒ වගේම මතක හිටිනව :D
නංගි මට දාල තියෙන නම් කියන්න ගියොතින් තව බ්ලොග් දෙක තුනක් ලියන්න වෙයි.
@Shakthi
මචං තමං දන්න කියන ඇහැට දැකපු යාලුවෙකුගෙන් ලැබෙන පළවෙනි කමෙන්ට් එකත් සදා මතකයේ රැඳෙනව...
@All
පිළිතුරු සපයන්න වුණු පමාවට සමාවෙන්න.
බ්ලොග් එකේ කමෙන්ටුවක් පස්සෙනුයි ආවේ...
ReplyDeleteහොදට ලියන්න පුලුවන් වගේයි......නරක්ද ආයේ ලියන්න ගත්තොත්.....
හැබෑටම අවුරුද්දකට විතර පස්සෙ මං ලියපුවම කියවල බැලුවම හිතෙනව ටිකක් ලියන්න පුලුවන් තමයි කියල. :D
Deleteආයෙත් ලියන්න ගන්නම්. ස්තුතියි.